ලිදුල බෙයාවිල් වතුයායේ අවුරුදු තුන හමාරක දරුවෙකුගේ ශරීරයට බීමත්ව පැමිණි ඔහුගේ පියා විසින් උණු වතුර වත් කිරීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ එම දරුවා ලිදුල රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .
මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ ලිදුල පොලිසියේ නිලධාරියෙකු පවසන ලද්දේ සුරේෂ් කුමාර් ලදුස් යන මෙම දරුවා තම මිත්තණිය සමඟ සිටින බවත් , අද (25) දින බීමත්ව පැමිණ එම දරුවාගේ පියා එම දරුවාගේ මිත්තණිය සමඟ ( පියාගේ,මව ) ඇති කරගත් බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු දරුවාගෙ ඇඟට උණු වතුර වත්කර ඇති බවත් ය.
එම උණු වතුර වත් කිරීමෙන් පසු එම දරුවා පිළිස්සුම් තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවත් , උණු වතුර වත් කළ පියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ පිළිබඳව ලිදුල පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.














































