ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද (26) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති අතර එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.
එමෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමුවනු ඇති නමුත් අද (26) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කර තිබේ .
සර්ව පාක්ෂික සමුළුව කැඳවීමට පෙර ආණ්ඩුව තුළ ඒ පිළිබඳව එකඟතාවකට පැමිණිය යුතු බව ජාතික ජන බලවේගයේ විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙන අතර තමන් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ .
එමෙන්ම සර්ව පාක්ෂික සමුළුව සහභාගී වී තම පක්ෂයේ අදහස ප්‍රකාශ කිරීමට පියවර ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කර තිබේ .














































