අද උදෑසන අප විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය අමතා කරන ලද කෙටි පැමිණිල්ලක සම්පුර්ණ පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා අපගේ මාධ්‍යවේදිිියෙකු ඇඹිලිපිටිය මුලස්ථාන පොලිසිය වෙත ගිය නමුත් එම පැමිණිල්ල භාර ගැනීම වෙනුවට අප විසින් පළ කර තිබූ පුවතක් පිළිබඳව ප්‍රශ්න කරමින් අපගේ පැමිණිල්ල භාර නොගෙන රස්තියාදුකර තිබේ.
අප එම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සදහා ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගෙන් උපදෙස් ලබා ගැනීමටද කටයුතු කරන ලදී. එය එසේ කරන ලද්දේ සබරගමු පළාතේ පිහිටි එකම රජය පිළිගත් මාධ්‍ය ආයතනය බැවිනි. ඔහු ලබා දුන් උපදේශය මත අප ආයතන හිමිකරු සමග තවත් මාධ්‍යවේදිිියෙකු ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත ගියත් විවිධ පැමිණිලි ස්ථානාධිපති විසින් හිතා මතා රස්තියාදු කිරීම නිසා හිස් අතින් පැමිණීමට සිදුව තිබේ.
එසේම මෙම සිදුවීමි මාලාව සමග ඇඹිලිපිටිය පොලිසියේ විවිධ පැමිණිලි ස්ථානාධිපතිගේ නීතිය පිළිබඳව නොදත් බාවයත්, මෙම සිදුවීමට අදාල අනෙකුත් කාරණා පිළිබඳවත් පැමිණිල්ලක් සහ ලිපියක් අපගේ නීතීවේදීන් විසින් සකසමින් සිටී.
මේ වන විට ඇඹිලිපිටිය අපරාධවලින් මුක්ත කොටසක් බවට පරිවර්තනය වෙමින් තිබේ. ඒ එම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නිසාවෙනි. නමුත් මෙවැනි පොලිස් නිලධාරීන්ගේ ඇඟ තිබුණට මොලේ නැති ක්‍රියාවන් නිසා උසස් නිලධාරීන් ස්ථාන මාරුවීම් ලැබ ගිය දිනක නැවත අපරාධකරුවන් බිහිවීම සහ ක්‍රියාත්මක වීම සිදු වේ.














































