මහනුවර තලාතුඔය පොලිසියට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබූ ලැප්ටොප් පරිගණකයක් අතුරුදහන් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණත් සති දෙකකට වැඩි කාලයක් ගත වන තෙක්ම එය සොයා ගැනීමට ඉහළ පොලිස් නිලධාරින්ට නොහැකි වීම පිළිබඳව එම පොලිසියේ නිලධාරීහූ චෝදනා කර තිබේ.
මෙම ලැප්ටොප් පරිගණකය රැගෙන ගිය බවට එහි කලක් සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට චෝදනා එල්ල වන අතර එය ගෙනවිත් භාර දෙන ලෙස කළ දැනුම්දීමට ඔහු මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලබා දී නොමැති බව වාර්තා වේ.
පසුගිය 12 දින පොලිස් අධිකාරවරියක මෙම පොලිස් ස්ථානය පරීක්ෂාවකට පැමිණි අවස්ථාවේදී මෙම ලැප්ටොප් පරිගණකය අස්ථානගත වීම සම්බන්ධ ප්‍රශ්නය කරළියට පැමිණ තිබේ.














































