ඡන්ද නාමලේඛනය ලකුණු කිරීමේ කටයුතු සදහා යමින් සිටි ග්‍රාම නිළධාරිනියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බවට කළුතර උතුර පොලිසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර විලේගොඩ බොට්නික් වත්ත ප්‍රදේශයේ පදිංචි සංජය ශ්‍රියාල් නැමැති මන්ත්‍රීවරයෙකි.
අංක 718 එතනමඩල ග්‍රාම නිලධාරි වසමේ වැඩබලන ග්‍රාම නිළධාරි එච්.හිරුෂිකා ප්‍රියදර්ශනී යන අය විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රීවරයා අද (27) කළුතර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.ඉන්ද්‍රජිත් මහතා විසින් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබයි.