අක්‍රමවත් ලෙස පැමිණිලි සටහන් කළ උප පොලිස් පරික්ෂකවරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට මැදගම පොලිසියට පැමිණි පුද්ගලයෙකුගේ අස්ථානගත වූ භාණ්ඩවල වටිනාකම මෙම නිලධාරිනිය විසින් සටහන් නොකර ඇති බවට එම නිවෙස් හිමිකරු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශණයක් සිදු කර මෙම වැඩ තහනම සිදු කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ මැදගම පොලිසියට අනුයුක්තව සේවය කළ කාන්තා උප පරික්ෂකවරියකි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් සිදුකරන බවට පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.













































