පොලිස් නිළධාරීන් 20,000 ක පමණ හිඟයක් පවතින බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් නිළධාරීන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි.
ඊට විසඳුමක් ලෙස පොලිස් නිළධාරීන් 2000 ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඉදිරියේදී සෙසු නිලධාරී හිඟය ද පියවීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා සඳහන් කර තිබේ.














































