අස්වැසුම වැඩසටහන පිළිබඳව සොයා බැලීම සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ පොලිමේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
නමුණුකුල ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙකු අද (27) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.














































