ස්මාර්ට් ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් සකස් කරන ලද අංග සම්පූර්ණ වාර්තාවකින් හෙළි වූ අන්දමට දරුවන් ස්මාර්ට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් ඔවුන්ගේ චිත්තවේගීය ස්ථාවරභාවය බිඳවැටීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගෙන මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
වැඩිපුර වේලාවක් ජංගම දුරකතනය දෙස බලා සිටීම හේතුකොට ගෙන දරුවන්ගේ මානසික යහපැවැත්මට අහිතකර බලපෑමක් සිදුවන බවත්, ස්මාර්ට් ජංගම දුරකතන අධ්‍යාපනය ලැබීමේ හැකියාව අවම කිරීමට හේතු වී ඇති බවත් යුනෙස්කෝව ප්‍රකාශ කරයි.
ඩිජිටල් තාක්ෂණය සහ “කෘත්‍රිම බුද්ධිය” සෑම විට ම මිනිස් මනසේ ක්‍රියාකාරිත්වයට යටත්ව පැවතිය යුතු බවත් “මිනිසා මූලික දර්ශනයක්” සහිත අධ්‍යාපනයක අවශ්‍යතාව මෙම ඩිජිටල් ජංගම දුරකතන තහනමෙන් පැහැදිලි වන බව ද එම සංවිධානය පෙන්වා දී තිබේ.
සෑම විටම අලුත් දේ හොඳම දේ නොවන බවත්, ප්‍රතිපත්ති සම්පාදකයන් වැඩිදුර නොසිතා “ඩිජිටල් තාක්ෂණය” අධ්‍යාපනයට යොදාගැනීම පිළිබඳ යුනෙස්කෝ සංවිධානය සිය විරෝධය පළකොට ඇති බවත්, කිසිවක් කිරීමට හැකියාව පැවතීම එය අනිවාර්යයෙන් සිදුකළ යුතු යැයි නියමයක් නොවේ යැයි ද යුනෙස්කෝව පවසයි.
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන හානි අවම කිරීමට සහ ඉන් වාසි ලබා ගැනීමට පැහැදිලි අරමුණු සහ ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට රටවල් යොමු විය යුතු බවත් ඉන් සිසුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ආරක්ෂා වේ යැයි ඔවුහු අවධාරණය කර තිබේ.
කොවිඩ් – 19 සමයේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අඛණ්ඩව සිදුකරගෙන ගිය අතර එය වාසිසහගත වූ බවත් ලොව පුරා බිලියන ගණනක් සිසුහු ඉන් වාසි ලැබූ බවත් සදහන්.
දරුවා සහ ගුරුවරයා අතර පන්ති කාමරය තුළ මුහුණට මුහුණලා සිදුවන සමීප සම්බන්ධය වටිනා බව පෙන්වාදෙන එම සංවිධානය, එහෙත් දරුවන් පාසලේ සිට නිවසට පැමිණෙන තෙක් මවුපියන් සමග සම්බන්ධතාව තබාගන්නේ ස්මාර්ට් දුරකතනයෙන් බවත් ඒ නිසා මේ ගැටලුව ගැන තවදුරටත් සලකා දුරකතන පන්ති කාමරය තුළදී පමණක් භාවිතය තහනම් කළ යුතු බවට බ්‍රිතාන්‍ය පාසල් සහ උසස් විද්‍යාල ලේකම් ජෙෆ් බාර්ටන් පවසා තිබේ.














































