පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ සිට පොලිස් කොස්තාපල් ධූරය දක්වා සියලු නිලයන් වෙනුවෙන් සිදුකරනු ලබන පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය කිරීම්, සේවයෙන් පහ කිරීම ආදි කටුයතු සිදු කිරීමේ බලය පොලිස්පතිවරයාට පවරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජාතික පොලිස් කොමිසම් සභාව විසින් බලය පවරා ඇති බව වාර්තා වේ .
ඒ අනුව පොලිස්පතිවරයාට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිට සහකාර පොලිස් අධිකාරිවරුන් වෙතද මෙම බලය පවරා ඇති බව සඳහන් වේ.
මෙම සියලු පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය කිරීම්, සේවයෙන් පහ කිරීම ආදි කටුයතු සිදුවන්නේ ජාතික පොලිස් කොමිසමේ නීති රීති වලට අනුකුළව බවත්, කිසිවකුට යම් අසාදාරණයක් වී ඇති නම් ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් පොලිස් කොමිසම දන්වා තිබේ.
එමෙන්ම ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයා හා අනෙකුත් උසස් නිලධාරීන්ට මෙම බලය පැවරූ නමුත් ඔවුන් සෑම අවස්ථාවකදීම තීරණ ගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 උ, වන ව්‍යවස්තාවට අනුව බවත් , පොලිස් නිලධාරීන්ගේ කටයුතු පහසු කිරීම, ඉක්මනින් තීන්දු තීරණ ගැනීම ආදි කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් මෙම බලය ලබා දීම සිදුකර ඇති බවත් පොලිස් කොමිසම වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .













































