ඊයේ (30) දින සවස් කාලයේ තලංගම පොලිස් වසමේ කලල්ගොඩ පාසල් මාවතේදී හෙරෝයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
තලංගම පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25ක් වන කොට්ටාව ,පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (31) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර තලංගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































