ඊයේ (30) දින දහවල් කාලයේ නාඋල පොලිස් වසමේ මොරගහකන්ද ප්‍රදේශයේදී නාඋල දෙස සිට ඇළහැර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 මිලිග්‍රෑම් 888ක් ගංජා මිලිග්‍රෑම් 813ක්ද ,අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 285ක්ද සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නාඋල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42ක් වූ සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (31)දින නාඋල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නාඋල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































