හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විදුහලේ සිංහල අංශය තුල පවතින දැඩි ගුරු හිගය හේතුවෙන් එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු මුලුමනින්ම අඩාලවිමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසනුයේ අනුප්‍රාප්තිකයෙකු නොමැතිව එම විදුහලේ ඉගැන්විම් සිදු කල ගුරුවරුන් කිහිප දෙනකු නිසි සොයා බැලිමකින් තොරව මාරු කිරිමත් සමග මෙම විදුහලේ ගුරු හිගය තවත් ඉහල ගිය බවයි.
මේ වන විට මෙම විදුහලේ ප්‍රාථමික අංශයේ 01සිට 05 දක්වා පංතිවල ඉගැන්විම් සදහා සිටි ගුරුවරියන්ගෙන් 03වන ශ්‍රේණියේ ගුරුවරිය හැර 01,02,04,05, යන ශ්‍රේණිවල ගුරුවරියන් හතර දෙනාම අනුප්‍රාප්තිකයෙකු නොමැතිව මාරු කිරිමත් සමග ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන තම දරුවන් අනාත වී ඇති බවද එම දරුවන්ගේ දෙමාපියන් පිරිසක් ප්‍රකාශ කරන ලදි.
එමෙන්ම මෙම විදුහලේ ද්විතිය අංශයේ ඉගැන්විම සදහා ගුරුවරුන් 17 දෙනකුගේ හිගයක් පවතින බවත් එම තත්ත්වයන් මත මෙම විදුහලේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන තම දරුවන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද දෙමාපියන් පිරිසක් පවසති.
මෙම විදුහල තුල මෙවැනි ගුරු හිගයක් නිර්මාණය කර මෙම විදුහලේ සිංහල අංශය වසා දැමිමේ යම් කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න සැකයක් පවතින බවද එම පිරිස් පවසති.
මෙම ගුරු හිගයට විසදුම් ඉල්ලා පසු ගිය දිනක හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය අසල උද්ඝෝෂණයක් පැවැත්වු අවස්ථාවේදි මෙම ගුරු ප්‍රශ්නය දින කිහිපයකින් විසදන බවට පැවසුවද මේ වන තෙක් එය විසදා නොමැති බවද එම පිරිස් චෝදනා නගා තිබේ.
පසුගිය වර්ෂයේ ලෝක කාන්තා දිනයට සමගාමිව මධ‍්‍යම පලාතේ බාලිකා ජාතික පාසලක් ලෙස උසස්විම් ලැබු හැටන් අධ්‍යාපන කලාපයේ එකම බාලිකා පාසලට මෙසේ කුඩම්මාගේ සැලකිලි දැක්විම පිළිබඳව අධ්‍යාපන ඇමතිවරයාගේ දැඩි අවදානය යොමු කල යුතු බවද එම දෙමාපියන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම තත්ත්වයන් පිළිබඳව සිදු කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ශා/ග්‍රේබ්‍රියල් බාලිකා විදුහල තුල පවතින ගුරු හිගයට විසදුම් ලබා දිම සදහා මේ වන විට පියවර ගනිමින් සිටින බවයි.
පසුගිය දිනවලදි කරන ලද ගුරු මාරු කිරිම්වලදි යම් අතපසුවිමක් සිදුව ඇති බවත් මෙම විදුහලේ සිංහල අංශය වසා දැමිමේ කිසිදු කුමන්ත්‍රණයක් නොමැති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසා තිබේ.














































