උඩරට ප්‍රදේශ වලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල විදුලි උත්පාදනය බොහෝ දුරට සීමා කොට ඇති බවත් ,ජලාශයේ ජල මට්ටම මේ වනවිට 35% දක්වා පහත බැස ඇති බවත් එහි කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
නමුත් රාත්‍රී කාර්යබහුල වේලාවෙදි පමණක් ගිගාවොට් පැයක පමණ විදුලි නිෂ්පාදනයක් මේ වන විට සිදු කරන බව ඇහැළපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ .














































