ඊයේ (30) සවස පොලිස් විශේෂ කාර්‍ය බලකා කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කිලිනොච්චිය පොලිස් වසමේ පූනරින් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ටිපර් රථයකට වැලි පටවමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් වන අතර ඔහුව වැඩි දුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව සඳහන් .














































