පොලිස් නිලධාරීන්ට පහර දුන් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
සෙල්ල කතරගම වල්ලි ගුහාව පාර ප්‍රදේශයේ නිවසක විකිණීම සඳහා ගංජා සූදානම් කරන බවට ලද තොරතුරක් මත වැටලීමට ගිය පොලිස් නිලධාරීන් හට මෙලෙස පහර දී ඇති අතර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ දියණිය සහ පුත්‍රයා පිහියක් සහ පොරවක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහර දී තිබෙන බව සඳහන් .
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යුද හමුදා සෙබළකු බවත් ඔවුන් අද (01) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ .














































