ඊයේ (01)දින සවස් කාලයේදී ගල්කිස්ස පොලිස් වසමේ ගල්කිස්ස දුම්රිය පොළ අසලදී හෙරෝයින් ග්‍රෑම් 06ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (02) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































