ලොතරැයි දිනුමක් යනු ඕනෑම අයෙකුට ජීවිතයේ හිමිවන සුවිශේෂී අවස්ථාවක් වූවත් එය සුවිශේෂී ආකාරයටම හිමි වූ කාන්තාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ .
අදාළ ත්‍යාගය හිමි වූ කාන්තාව දකුණු ඔස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවක් වන අතර ඇය පසුගියදා සිය උපන්දිනය සමරා තිබේ.
එහිදී අදාළ කාන්තාව වෙත සුබපැතුම් එක්කරමින් ඇයගේ ඥාතියෙකු උපන්දින කාඩ්පතක් සමඟ ලොතරැයි පතක් ද ඇය වෙත එවා ඇති අතර අනතුරුව ඇය එම ලොතරැයිපත පරීක්ෂා කර බැලීමේදී ඒ සඳහා දැවැන්ත ත්‍යාග මුදලක් හිමිව තිබෙන බව අනාවරණය වී තිබේ .
එය ඩොලර් මිලියන 2.58ක ත්‍යාගයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුව අදාළ කාන්තාව සිය ඥාතියා වෙත දුරකථන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව පැවසීමත් සමඟ ඔහුද මෙම සිදුවීම පිළිබඳව පුදුමයට පත්ව තිබේ.















































