ඊයේ (01) තළවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේ තිබී නාදුනන කාන්තා මළ සිරුරක් සොයා ගැනීමත් සමඟ අවසරයකින් තොරව ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේ කඳවුරු බැදීමට ඉඩ ලබා නොදෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අද (02) වන සංරක්ෂණ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ .
කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් අදාළ කාන්තාව කදු මුදුනට රැගෙන විත් යම් හේතුවකින් ඇය ජීවිතක්ෂයට පත් වූ පසු ඔවුන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
අදාළ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරන ලෙස නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් ජේ. අඹගහවත්ත ළිඳුල පොලිසිය වෙත නියෝග කර තිබේ .














































