ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව වාර්තා වේ .
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදී තිබෙන ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබෙන අතර වෙනත් නඩු විභාගයක් අද (03) දින පැවැත්වීමට නියමිත හෙයින් මෙම පෙත්සම සලකාබැලීම කල් තබන බව විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ .














































