කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (02) අලුයම දුම්මලසූරිය පොලිස් වසමේ කරන්දාවිලදිග ප්‍රදේශයේ දී නීතිවිරෝධී මත්පැන් ලීටර් 52.5 ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
සැකකරු දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි.
සැකකරුට ලබන 22 වනදින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වමින් ඇප මත මුදාහැර තිබෙන බව වාර්තා වේ .
වැඩි දුර විමර්ශන කටයුතු දුම්මලසූරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.














































