සිය බිරිඳ රැකියාවට යන බව පවසා අනියම් සැමියා සමග ගොස් ත්‍රිරෝද රථයක සිටිනු දැකීමෙන් උරණ වූ සැමියා අනියම් සැමියාගේ බව කියන ත්‍රීරෝද රථයට ඊයේ (02) උදේ ගිනිතබා විනාශකර ඇති බවට හොරණ මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.
ත්‍රිරෝද රථයට ගිනි තැබූ බව කියන එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ නර්තනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.