බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු ඊයේ (03)අත්අඩංගුවට ගත් බවට කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි..
සැකකාර කොස්තාපල්වරයා අවුරුදු 14ක් වයසැති පාසල් දැරියකට මෙලෙස ලිංගික අතවර සිදුකර තිබේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































