පිස්කල් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණ හිමිනමක් කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
හිමි වරුන් දෙනමක් අතර කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක තිබූ ආරවුලක නඩුවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට පැමිණි පිස්කල් නිලධාරියාගේ රාජකාරියට මෙලෙස බාධා කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් හිමිනම අද(04)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































