කිලිනොච්චිය පොලිස් ස්ථානයේ සිරමැදිරියේ ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගැනීමට ගිය පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට පොලිස් සැරයන්වරුන් දෙදෙනකු පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එළුවන් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරු සිරමැදිරියේ රඳවා සිටියදී ඔහු තමාගේ ටී ෂර්ට් එක උපයෝගී කරගෙන ගෙල වැලලා ගැනීමට උත්සාහ කර ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.
පොලිස් සැරයන්වරුන් දෙදෙනා විසින් එය දැක ඇති අතර එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වී පුද්ගලයා බේරා ගැනීමට කටයුතු කර තිබෙන බව සදහන්.
පොලිස් නිලධාරීන් විසින් සැකකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවට පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































