ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක හා එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් එරට මහාධිකරණයක් විසින් ලබා දී තිබූ තීන්දුවක් අත්හිටුවමින් ඉන්දීය ශේෂ්ඨාධිකරණය ඊයේ (04) තීන්දුවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
එකී තීන්දුව අනුව රාහුල් ගාන්ධිට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හා එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස කටයුතු කිරීමේ අවස්ථාව මෙන්ම ,ලබන වසරේ පැවැත්වෙන එරට පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාවද හිමි වන බව සදහන්.
ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ රාහුල් ගාන්ධිට එරට මහාධිකරණයක් මගින් වසර දෙකක සිර දඩුවම් නියම කොට තිබූ අතර එකී තීන්දුව අනුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හා ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීමේ අවස්ථාව ඔහුට අහිමිවී තිබූ බව සදහන්.















































