කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩයක් වශයෙන් ගාල් කර තිබූ යතුරු පැදියක් සොරාගත් පුද්ගලයෙකු කල්මුනේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පෙදරේරුවකු ලෙස රැකියාව කරන 18 හැවිරිදි කල්මුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන් වේ.
සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමේදී සොරා ගත් යුතුරු පැදිය සැකකරුගේ නිවසේ තිබී සොයා ගෙන ඇති අතර මොහුව අද (06) දින අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































