කාන්තා අයිතීන් මර්දනය කිරීමේ තවත් පියවරක් ලෙස ඇෆ්ගනිස්තානයේ වයස අවුරුදු 10ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය පියවර ගෙන ඇති අතර ඒ අනුව අවුරුදු 10ට අඩු දැරියන් පාසල් හෝ අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කර නොගන්නා ලෙස තලෙයිබාන් පාලනය විසින් අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
එරට පළාත් කිහිපයක මේ වන විටත් අදාළ තහනම ක්‍රියාත්මක වන බව සදහන් වේ .
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය ලබාගැනීමත් සමග කාන්තාවන්ගේ අධ්‍යාපනය අයිතිය ඇතුළු අයිතීන් රැසක් අහිමි කිරීමට පියවර ගෙන ඇති අතර රූපලාවන්‍යාගාර, කායවර්ධන ස්ථාන හා උද්‍යාන වෙත යෑම පවා කාන්තාවන්ට තහනම් කර තිබේ.