දුරකථන රැහැන් සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු ගිරිඋල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගිරිඋල්ල මුතුගල හන්දියේ සිට බිහල්පොල දෙසට ඇති සියලුම රැහැන් සොරාගෙන ඇති අතර එම රැහැන් වල වටිනාකම රුපියල් ලක්ෂ 5 ඉක්මවන බව සඳහන් වේ .
සැකකරුවන් විසින් සොරා ගන්නා ලද රැහැන් ඔවුන්ගේ නිවෙස්වල තිබියදී සොයා ගෙන තිබෙන අතර මොවුන් අද (06) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .