උපකාරක පන්තියකට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකුගේ ගෙල කපා ඔහුගේ අතේ තිබූ බෑගය උදුරාගෙන පළා ගොස් ඇති බව වාර්තා වේ.
බස් රථයකින් මීරිගම බස් නැවතුම්පොළට පැමිණි මෙම සිසුවා තවත් සිසුවෙකු සමග දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව සදහන්.
බරපතළ තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.














































