බොල්ගොඩ ගඟේ කාන්තාවකගේ මළ සිරුරක් පාවෙමින් තිබියදී ඊයේ (06) සවස සොයා ගත් බව වාර්තා වේ .
අදාළ කාන්තාව සිය නිවසේ උදවිය සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් මෙලෙස ගඟට පැන සිය දිවි හානි කරගෙන ඇති බව අනාවරණය වී තිබේ .
මරණකාරිය බටුවන්දර , මඩපාත ප්‍රදෙශයේ පදිංචි 71 හැවිරිදි අයෙක් බව සඳහන් වේ .
මෘත දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු කැස්බෑව පොලීසිය විසින් සිදු කරනු ලබයි .














































