පසුගිය 30 වනදින කෙසෙල්වත්ත පොලිස් වසමේ මාටිස් පටුමග ප්‍රදේශයේ පිහිටි වෙළදසැලක් තුළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) සවස කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙම අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් මරදාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 හා 30 යන වයස්වල පසුවන්නන් වන අතර මොවුන් අද (07) අලුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කෙසෙල්වත්ත පොලිසිය විසින් සිදු කරනු ලබයි.














































