මේ වන විට වතුකරයේ සමහර වතුවල ඇතැම් වතු අධිකාරිවරුන් වතු කම්කරුවන්ට විවිධ හිරහැර කිරීමත් සමඟ එම වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ජාතික කම්කරු සංගමයේ පරිපාල නිලධාරි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයක් වන අලගමුත්තු නන්දකුමාර් මහතා ප්‍රකාශ කර තිබේ .
ඒ මහතා මේ බව පැවසූවේ ඔහුගේ හැටන් කාර්යාලයේදීයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අලගමුත්තු නන්දකුමාර් මහතා ,
” මේ වන විට වතු කම්කරුවන් මේ රටට ෴පැමිණ වසර 200ක් වන බව පවසනවා .එත් අදටත් සමහර වතුවල සමහර වතු අධිකාරිවරුන් සමහර උප වතු අධිකාරිවරුන් හිතා ඉන්නේ මේ වතු කම්කරුවන් වහලුන් ලෙසයි. “
” මේ වන විට සමහර වතුවල තේ දළු නිසි ලෙස නොමැති වුවත් දිනකට තේ දළු කිලෝ 18ක් කඩන ලෙස පවසනවා . එත් නිසි ලෙස දළු නොමැතිවීමෙන් මේ වතු කම්කරුවන්ට තේ දළු කිලෝ 18ක් කැඩිමට බැරි වුනොත් එම කම්කරුවාට ලැබෙන්නේ දින භාගයක වැටුපයි . මෙම තත්වයන් මත මේ වතු කම්කරුවන් දැඩි ලෙස ආර්ථික ප්‍රශ්නවට මුහුණ දෙනවා. “
” එමෙන්ම වතුකරයේ සමහර කම්කරුවන් තම ලයින් කාමරය අසළ හෝ තම නිවස අසළ යම් ආකාරයකින් එළවළු වගාවක් හෝ කුකුල් කොටුවක් ඉදි කර ගත් විට සමහර වතු අධිකාරිවරුන් සමහර උප වතු අධිකාරිවරුන් එම අයට එරෙහිව විවිධ ක්‍රියාකරකම් සිදු කිරිමත් සමග එම පිරිස් දැඩි අපහසුතාවයන්ට පත් වෙනවා. “
” මේ වන විට වතුකරයේ සේවය සඳහා ඉන්නේ වතු කම්කරුවන් එක්ලක්ෂ පනස් දාහාක් හෝ එක් ලක්ෂ හැට දාහාක ප්‍රමාණයක් මෙම තත්වයන් මත වතුකරයේ සේවක හිඟයක් පවතිනවා. මෙම තත්වයන් වටහාගත් මහ වතු අධිකාරිවරුන් මෙන්ම උප වතු අධිකාරිවරුන් මල නොතලා රොන් ගන්නාසේ වතු කම්කරුවන්ගේ සිත් නොතලා ඔවුන්ගේ සේවය ලබා ගැනිමට කටයුතු කිරිම පිළිබඳව එම පිරිස් අගය කළ යුතුයි. “
” එමෙන්ම මේ වන විට සමහර වතුවල වතු කම්කරුවන් වෙනත් වතුවල සේවය සඳහා ලොරි රථවල පටවාගෙන යාමත් සමඟ එම වතු කම්කරුන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙනවා. මෙම තත්වයන් පිළිබඳව දැඩි අවදානයක්ද යොමු කළ යුතුයි. “
” වසර 200ක කාලයක් පුරාවට මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන මේ වතු කම්කරුවන්ට මෙවන් තුන්වන පංතියේ ක්‍රියාකාරකම් කරන්නේ කුමන පදනමක් මතද යන්න ප්‍රශ්නයක්. “
” මේ සමහර වතු කම්කරුවන්ගේ දරුවන් අද වන විට මේ රටේ විවිධ තනතුරුවලට පත්ව ඉන්නවා. එම තත්වයන් මත මේ වතු කම්කරුවන් තව දුරටත් මෙයට වසර 200කට පෙර පැමිණි වතු කම්කරුවන් මෙන් වහලුන් නොවන බව මේ සමහර වතු අධිකාරිවරුන් මෙන්ම සමහර උප වතු අධිකාරිවරුන්ද සිහි තබාගත යුතුයි. “














































