නිකවැරටිය ,හැවැන්පැලැස්ස ප්‍රදේශයේ තැඹිලි ගසකින් තැඹිලි ඉත්තක් කැඩීමට ගිය පුද්ගලයෙකු එම ගසෙන් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරකාපොල පදිංචි 27 හැවිරිදි තිදරු පියෙකි.
ඔහු තම මස්සිනා සමග ගොස් තැඹිලි ඉත්තක් කැපීමට ගසට නැගි අවස්ථාවේදී තැඹිලි ගසින් ඇඳ වැටී අනතුරට ලක්ව ඇති බව සදහන්.
නිකවැරටිය මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ අනතුරට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සදහා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.














































