මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් සොයා ගැනීමට පියාගේ රන් භාණ්ඩ සොරකම් කළ පුත්‍රයකු මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි රියදුරු රැකියාවක නිරත හෝමාගම දීපංගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර සැකකාර පුත්‍රයා විසින් සොරාගන්නා ලද රුපියල් ලක්ෂ 5 කට අධික රන් භාණ්ඩ ස්ථාන කිහිපයක උකස් කර තිබියදී සොයා ගෙන තිබේ .
අත්අඩංගුවටගත් සැකකරු අද (08) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .














































