පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර සැ. 160 දම්. 69 දරණ ස්ථානයේ පිහිටි ‘මානික්කම් පට්ටිය’ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා වසා තබන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව මේ මස 10 වැනිදා පෙරවරු 7.00 සිට 11 වැනිදා රාත්‍රී 8.30 දක්වා අර්ධ වශයෙන් ද, 12 වැනිදා පෙරවරු 7.00 සිට 13 වැනිදා රාත්‍රී 8.30 දක්වා සම්පූර්ණයෙන් ද, වාහන ගමනා ගමනය සඳහා සම්පූර්ණයෙන් ද, වසා තබන බවට එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
එම කාලය තුළ දුම්රිය සැ. 160 දම්. 42 දරණ ස්ථානයේ පිහිටි මුස්ලිම් කොළණි පාර දුම්රිය හරස් මාර්ග ඔස්සේ වාහන ධාවනය කළ හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කර තිබේ.














































