හැටන් නගරයේ සමහර මාර්ග කොටස් දැඩි ලෙස අබලන් තත්ත්වයක පැවතීමත් සමග එම මාර්ගවල රථ වාහන ධාවනය කරවිම දැඩි ලෙස අසිරු තත්ත්වයක පවතින බවට ප්‍රදේශයේ රථ වාහන රියදුරන් පිරිසක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
හැටන් විල්ෆ්‍රඩ් පුර, ගාමිණි පුර, පොංනගර්, කැම්ප්වැලි, යන ප්‍රදේශවලට යන මාර්ගවල කොටස් මේ වන විට දැඩි ලෙස අබලන් තත්ත්වයේ පවතින බවත් මෙම තත්ත්වයන් මත එම මාර්ගවල රථ වාහන ධාවනය කරවිම දැඩි ලෙස අසීරු තත්ත්වයක පවතින බවද එම පිරිස් ප්‍රකාශ කර තිබේ.
මෙම මාර්ග පද්ධති දැනට වසරකටත් අධික කාලයක සිට මෙලෙස අබලන් තත්ත්වයේ පවතින බවත් මෙම මාර්ග නවිකරණය කර දෙන ලෙස හැටන් දික්ඔය නගර සභාවෙන් අවස්ථා කිපයකදිම ඉල්ලා සිටියත් අද කරන්නන් හෙට කරන්නන් ලබන සතියේ කරන්නන් කියා පැවසුවද මේ වන තෙක් මෙම මාර්ග කොටස් නවිකරණය කර දිමට පියවර ගෙන නොමැති බව සදහන්.
මෙම තත්ත්වයන් පිළිබඳව හැටන් දික්ඔය නගර සභාවෙන් කරන ලද විමසිමකදි එහි නිලධාරියකු පවසන ලද්දේ මෙම මාර්ගවල කොටස් කිහිපයක් පමණක් නගර සභා බල ප්‍රදේශයට අයත් බවත් එම මාර්ග කොටස් ඉදිරියේදි නවිකරණය කිරිමට පියවර ගන්නා බවත්ය.