2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවට ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, පොදු ප්‍රවාහන සේවාව තුළ ඒකාබද්ධ කාලසටහන් සහ විද්‍යුත් ටිකට්පත් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ද සැලසුම් කර ඇති බවයි.
මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ යන අය ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ, මගී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සම්බන්ධව සියලු පාර්ශවයන්ට ඇතිවන ගැටලු මඟහරවා ගැනීම සඳහා E- ticketing ක්‍රමය යෝජනා වී ඇති බවයි.
ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඉදිරියේදී බස් රථ සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබා දීමේ දී GPS තාක්ෂණය සහ E- ticketing සේවාව ක්‍රියාත්මක වීම ප්‍රධාන නිර්ණායකයක් ලෙස සලකා බලන බව ද එහිදී සාකච්ඡා කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් .
මේ අතර කොට්ටාව බස් නැවතුම්පොළ, මාකුඹුර බහුවිධ මගී ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීමට ද , එහිදි යෝජනා කර තිබේ