අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ප්‍රශ්න අවස්ථාවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
වත්මන් ආර්ථික තත්ත්වය සහ රට තුළ දැනට පවතින වාතාවරණය පිළිබඳව මෙන්ම සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි අදහස් දැක්වීමට නියමිත බව සඳහන් වේ.













































