English
සිංහල
18:44 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඇඹිලිපිටිය විදුහල්පතිට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා – ඔහු සුරකින අධ්‍යාපන බලධාරීන් රාජ්‍ය ත්‍රස්තවාදයක.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිට එරෙහිව වංචා , දූෂණ , අක්‍රමිකතා සහිතව පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර තිබුණත් සබරගමු පළාත් අධ්‍යාපන බලධාරීන් කිසිවෙකුත් එම විදුහල්පතිට එරෙහිව ගතයුතු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අප මීට පෙරද වාර්තා කරන ලදී.

    එවන් පසුබිමක් තුළ සබරගමු පළාතේ නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පසුගියදා සබරගමු පළාතේ ලේකම්වරුන්ගේ විෂය පථය මාරු කිරීමක් සිදු කරන ලදී. එම විෂය පථය මාරු කිරීමත් සමඟ නව අධ්‍යාපන ලේකම්වරයා ලෙස ඇඹිලිපිටිය ප්‍රදේශයේම උපන් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු බව කියැවෙන චාමර බමුණුආරච්චි මහතා පත් විය.

    මේ සියලු කටයුතු මේ ආකාරයෙන් සිදු වෙද්දී ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව යම්කිසි විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළත් එය අපට තහවුරු වී නැත. කෙසේ නමුත් නව අධ්‍යාපන ලේකම්වරයා වර්තමාන විදුහල්පතිවරයාට එරෙහිව ගතයුතු නෛතික ක්‍රියාමාර්ග ගනු ඇතැයි ආදි ශිෂ්‍ය සංගමය සහ ප්‍රදේශයේ උගත් , වැදගත් පුද්ගලයින් බලාපොරොත්තු තබාගෙන සිටී.

    ඒ අතරේ මෙම විදුහල්පතිවරයා බේරා ගැනීම සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් දෙදෙනෙක් සහ දෙමව්පියන් 50 ට අඩු කණ්ඩායමක් විවිධ ලේඛන සකස් කර තිබෙන බවට ද අපට වාර්තා විය. එසේම එම ලේඛන පිළිබඳව ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසිය වෙත පැමිණිලි ද ඉදිරිපත් කර තිබේ . ඒවා කූඨ ලේඛන බවද අප මීට පෙරද වාර්තා කර තිබෙන අතර ඒ පිළිබඳව ඉතාම පැහැදිලිව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ . එමෙන්ම ඒ පිළිබඳව ඉතාම පැහැදිලිව එම ලේඛනවලට අත්සන් ගත් දිනම පොලිස් 119 හදිසි ඇමතුම් සේවයට ද පැමිණිලි කර තිබේ.

    පාසල් දරුවන් 2400 ක් පමණ සිටින බව ප්‍රකාශ කරන මෙම පාසලේ සියලු දරුවන්ගේ අයිතිවාසිකම් දෙමව්පියන් 50 දෙනෙකුටත් අඩු ප්‍රමාණයකට එක්ව පාවාදිය නොහැක.

    විදුහල්පතිවරයා යනු රාජ්‍ය නිලධාරියෙකි. ඔහුට ඕනෑ වන ආකාරයෙන් කටයුතු කිරීමට නීතිමය වශයෙන් අයිතිවාසිකමක් ලබා දී නැත. එසේම අධ්‍යාපනයේ පරිපාලන නිලධාරීන්ටද ඕනෑ ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා දී නැත. මේ වන විට ඔහු සමඟ එක්ව සිටින සබරගමු පළාතේ සමහර අධ්‍යාපන බලධාරීන් සහ ඔහු සමඟ සිටින සමීප සබඳතා මෙන්ම ඔහු සමඟ එක්ව සිදු කරන ලද විවිධ අකටයුතුකම් ද අපට සාක්ෂි සහිතව අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

    කෙසේ නමුත් වර්තමාන විදුහල්පතිවරයාට මූල්‍ය චෝදනා එල්ල වී තිබේ. මූල්‍ය චෝදනා ලද්දෙකුට එරෙහිව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ආයතන සංග්‍රහයේ 5 වෙනි පරිච්ඡේදයේ සඳහන් වේ . මෙම විදුහල්පතිවරයාගේ සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ මෙන්ම හිටපු අධ්‍යාපන ලේකම්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ද මාධ්‍ය ආයතන ලෙස කණගාටුවට පත්විය හැකි කරුණු ගණනාවක් ලැබී තිබේ. එහි විශේෂයෙන්ම හිටපු පළාත් අධ්‍යාපන ලේකම්වරිය ඉතාම හොඳින් තම රාජකාරී කටයුතු කළත් එම විදුහල්පතිවරයාට එරෙහිව ක්ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග කිසිවක් ගැනීමට අපොහොසත්ව තිබේ.

    හිටපු පළාත් අධ්‍යාපන ලේකම්වරියට ද මෙම විදුහල්පතිවරයා බේරා ගැනීම පිළිබඳව මහජනතාවගෙන් චෝදනා එල්ල වේ. කෙසේ නමුත් මේ වන විට ලේකම්වරිය ඉවත්ව ගොස් තිබෙන බැවින් වර්තමාන ලේකම්වරයා හෝ ඔහුට විරුද්ධව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගත්තත් ඔහු සහ වර්තමාන විදුහල්පතිවරයා අතර ද පැවති යම් යම් සබඳතා පිළිබඳව තොරතුරු රාශියක් අප වෙත වාර්තා වී තිබෙන නමුත් රාජකාරී ජීවිතය තුළ දී වර්තමාන ලේකම්වරයා ඉතාම හොඳින් කටයුතු කරන කෙනෙකු බව මීට පෙර රාජකාරිය කර ඇති ආයතනවල රාජ්‍ය සේවකයන් ප්‍රකාශ කර තිබේ . ඒ අනුව මෙම සිද්ධියට එරෙහිව ද අදාළ කටයුතු කරනු ඇති බවට ප්‍රදේශවාසීන් දැඩි විශ්වාසයකින් පසු වෙයි.

    ඒ අනුව මෙම තිදෙනාට එරෙහිව එල්ල වන චෝදනා බරපතළ වේ. කෙසේ නමුත් විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය තුළ අකාර්‍යක්ෂමතාවය , අදක්ෂභාවය , නොසැලකිල්ල අනාවබෝධය, අනිසි හැසිරීම , අවිනය ආදී සියල්ලම පෙන්නුම් කර තිබේ.එම සියල්ල අප ලබා ගෙන තිබෙන්නේ දෙමව්පියන් සහ ප්‍රදේශයේ වෙනත් වැඩිහිටියන් මෙන්ම ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන නිලධාරීන්ට පරිබාහිරව ස්වාධීන පාර්ශව වලිනි.

    මෙම විදුහල්පතිවරයා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම , රාජ්‍ය දේපළ අයතා ලෙස පරිහරණය කිරීම සහ වෙනත් අයට එසේ කිරීමට ඉඩ හැරීම , රජයේ අයිතිවාසිකම්වලට හානි වන අයුරින් කටයුතු කිරීම සහ එසේ කිරීමට ඉඩහැර තිබීම , රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම , රාජ්‍ය ලිපි ලේඛන වෙනස් කිරීම සහ කූඨ ලේඛන සැකසීම ආදිය මොහු කර තිබෙන බවට අවශ්‍ය තොරතුරු අප සතුව තිබේ . නමුත් සබරගමු පළාතේ හිටපු අධ්‍යාපන ලේකම්වරිය හෝ ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වූ බලල් අත් ඒවා කෙරෙහි අවධානය යොමු කරවා නැත. ඒ අනුව වර්තමාන පළාත් අධ්‍යාපන ලේකම්වරයා සතුව තිබෙන දැනුම , මෙම විදුහල්පතිවරයාට විරුද්ධව කටයුතු කිරීමට ප්‍රමාණවත් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

    මෙම විදුහල්පතිවරයා මෙම පාසලේම තබාගෙන සිටියදී විමර්ශන කළ නොහැක. දෙමව්පියන් 50 කටත් අඩු ප්‍රමාණයක් සහ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකුගේ උවමනාවට කටයුතු නොකිරීමට පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ අවධානය යොමු කළ යුතුය. දරුවන් 2400 ක් පමණ ප්‍රමාණයක් සිටින පාසලට අඩුම තරමේ දෙමව්පියන් 4000 වත් සිටිති. එසේම ආදි ශිෂ්‍යයන්ගේ ප්‍රමාණය කොපමණද යන්න අපට කිව නොහැක. දෙමව්පියන් 50 දෙනෙකුටත් අඩු ප්‍රමාණයක්, ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් 2400 ක් පමණ වන දරුවන් ඇතුළු දසදහසකට ආසන්න ප්‍රජාවකට එරෙහිව කටයුතු කිරීමට ඉඩ නොදිය යුතුය. නමුත් එයට ඉඩ නොදීමට බලධාරීන් පියවර ගත යුතුය. ගොරකා දඩ මස් කිරීමට කටයුතු නොකිරීමට ද අධ්‍යාපන බලධාරීන් කටයුතු නොකිරීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම වේ.

    ඒ අනුව අප පළාත් අධ්‍යාපන බලධාරීන් නිසි ලෙස තම රාජකාරිය ඉටු නොකිරීම නිසා අපට නැවත නැවත මේවා පෙන්වා දීමට සිදුව තිබේ. අත්සන් 6 ක් සහිත ලිපියක් ඉදිරිපත් කර තිබියදීත් එයට පයින් ගැසීමට තරම් රටේ පරිපාලන අධ්‍යාපන බලධාරීන්ගේ මොළය හොඳ නැතැයි අප විශ්වාස නොකරන්නෙමු. හය දෙනෙකු එකම කාරණාවකට අත්සන් තැබීමම එයට ප්‍රබල සාක්ෂියකි. කෙසේ නමුත් මේ වන විට ඉන් දෙදෙනෙක් වෙනත් මතයක් දරන බවටද වාර්තා වේ . ඒ අනුව අත්සන් තබා ඇති දෙදෙනෙක් වෙනත් මතයක් දරන්නේ නම් වහාම ඔවුන්ට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක කළ යුතය. එසේම ඔවුන්ට යම්කිසි බලපෑමක් විදුහල්පතිවරයා සිදු කරන බවද අප මීට පෙර වාර්තා කර තිබේ .

    අධ්‍යාපන බලධාරීන්ට ද තම අභිමතය පරිදි ක්‍රියා කළ නොහැක.එමෙන්ම අධ්‍යාපන බලධාරීන්ට මෙම සිද්ධියේදී තම අභිමතය පරිදි ක්‍රියා කළ නොහැක. ස්වභාවික යුක්තියේ මූලධර්මවත් භාවිතා කිරීමට අදාළ බලධාරීන්ට හැකියාවක් නොමැත. ඒ පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තුළින් පවා නඩු තීන්දු ලබා දී තිබෙන අතර පළාත් අධ්‍යාපන බලධාරීන් ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩය කියවා ඇතැයි අප විශ්වාස කරන්නෙමු. ඒ අනුව 31.5 ට අනුව මූලික විමර්ශනයක්වත් පැවැත්වීමට පෙරම 31.5.1 සහ 31.5.2 යටතේ ඔහු වැඩ තහනමකට ලක් කළ යුතුය. එය නීතිය බව අප අවධාරණය කරන අතර නීතියට පරිබාහිරව කටයුතු කිරීමට බලයක් අධ්‍යාපන බලධාරීන්ට නැත. ආයතන සංග්‍රහය මැනවින් කියවා ගත්තේ නම් එය අප අවධාරණය කිරීමට දෙයක් නොමැති අතර එය නීතිය බව ඔවුන්ට වටහාගත හැක.

    මෙම පැහැදිලි ලිඛිත පැමිණිල්ලට අනුව පළාත් අධ්‍යාපන බලධාරීන්ට ඉතිරිව තිබෙන්නේ බලය භාවිතා කර රාජකාරිය ඉටු කිරීම පමණි. ඔවුන් රාජකාරිය කිරීමේදී භාවිතා කළ යුතු බලය , අභිමතය සහ රාජකාරිය යන කොටස් තුනම මෙහිදී තුලනාත්මකව ගැළපීමට ඇති අවස්ථාව අහිමි කර තිබුණි. ඒ අනුව ඔවුන්ට අභිමතය යන කොටස ඉවත් කර රාජකාරිය සහ බලය භාවිතා කරමින් රාජකාරිය සිදු කිරීමට සිදු වේ. එය නීතිය වේ. ඒ අනුව මෙම අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව ඉදිරි දින වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා පාර්ලිමේන්තුව හැන්සාඩ් කර පාර්ලිමේන්තුව හරහා විමර්ශන ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදුවීම දක්වා ඉදිරියට යාමට ඉඩ ලබා නොදීම වර්තමාන පළාත් අධ්‍යාපන ලේකම්ගේ වගකීම සහ යුතුකම වේ. එසේ නොමැති වුවහොත් එම චෝදනා සියල්ලටම උත්තර බැදීමට මෙන්ම මහජන නැගී සිටීම් හමුවේ ඔහුට විරුද්ධව කටයුතු කිරීමට ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇත.

    මේ වන විට සබරගමු පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව කටයුතු නොකිරීම මාධ්‍ය ආයතනවලට ද කරදරයක්ව තිබේ. දසදහසකට වඩා වැඩි ප්‍රජාවක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මාධ්‍ය ආයතනවලටද දිගින් දිගටම මේ පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුව තිබේ . දිනකට කෝල් තුනක් හතරක් , දිනපතා ලිපි ආදී සාක්ෂි සහිතව බොහෝ දේවල් සියලු මාධ්‍ය ආයතන වලට ලැබෙමින් පවතින බව අපගේ මාධ්‍ය හිතවතුන් ප්‍රකාශ කරයි . ඒ අනුව මෙම ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අපට දිගින් දිගටම ලිවීමට සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය වුවහොත් අදාළ අමාත්‍යවරුන් පවා දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. එපමණක් ද නොව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද අප ද පසුබට නොවන්නේ පාසල ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාව දසදසකටත් වැඩි බැවිනි. එසේම ඒවා රාජ්‍ය ආයතන බැවින් ඒවා ආරක්ෂා කිරීම සහ බලධාරීන්ගේ ඇස් කන් ඇරීම මාධ්‍යවේදීන් ලෙස අපගේ ප්‍රමුඛතම රාජකාරිය වේ.

    එසේම අවසන් වශයෙන් 2023 මැයි මස 29 වෙනි දින හෝ ආසන්න දිනකදී සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් නොගැනීම සහ ඔහුට ඉදිරිපත්ව තිබෙන චෝදනාවලට අනුව නීතිය ක්‍රියාත්මක කර වහාම වැඩ තහනමකට ලක් කර පරීක්ෂණ සිදු කර ඔහු නිවැරදි පුද්ගලයෙක් ද වැරදි පුද්ගලයෙක් ද යන්න පිළිබඳව අවශ්‍ය කරුණු සමාජගත කිරීම , නොකිරීම පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය සබරගමු පළාත් අධ්‍යාපන බලධාරීන්ට නැවත වරක් පල කරන්නෙමු.

    අප මීට පෙර පළ කරන ලද වාර්තා ,

    https://www.ravanalankanews.lk/%e0%b6%87%e0%b6%b9%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba/amp/

    විදුහල්පතිගේ වැරදි වහගන්න මහජනතාව උද්ඝෝෂණයකට පොළඹවයි!. පළාත් සභාව වැරදි වලට උපකාර කරයි!.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version