වාලච්චේන ඔට්ටමාවඩි පාලම අසල රණවිරු ස්මාරකයකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වාලච්චේන පොලිසිය වාර්තා කරයි.
ත්‍රස්තවාදී ක්‍රියා පැවති සමයේ රට වෙනුවෙන් දිවි දුන් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසිවල නිලධාරීන් මෙන්ම ඉස්ලාම් ජාතිකයන් 187 දෙනෙකුගේ නම් ඇතුලත් කර තිබු ස්මාරකය මෙලෙස ගිනි තබා ඇති බව සදහන්.
ස්මාරකය අසලට ගෝනි දමා ගිනි තබා ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම ගිනි ගැනීම දුටු ව්‍යාපාරිකයන් දෙදෙනෙක් වහා ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඇති වූ ගින්නෙන් ස්මාරකය පහළ කොටසේ පැති දෙකක් කලු පැහැ ගැන් වී ඇතැයි පොලීසිය ප්‍රදේශයේ කරයි.
වාලච්චේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.














































