බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ ගමනට සහාය දුන් සැමට ස්තුතියි – ජනපති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ වාර්ෂික හමුවේ දී පවසයි.
ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් තුළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ඊයේ (09) පැවැති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.
( ජනාධිපති මාධ්‍ය ඒකකය )














































