English
සිංහල
14:26 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වා ගෙන යාමේ ක්‍රමවේදයක්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට බන්ධනාගාරගතව සිටින්නේ රැඳවූවන් 40ක් පමණයි – අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න.

    මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය කිසි සේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

    එසේම බන්ධනාගාර තුළ පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ස්ථාපිත කර රැඳවූවන් ඒවායේ සේවයෙහි යෙදවීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු කර ඇති බවත් ඒ සඳහා මේ වන විට ආයතන 04ක් එකඟතාව පළ කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

    මේ වන විට බන්ධනාගාරගත සමස්ත සැකකරුවන් සහ චූදිතයන් සංඛ්‍යාව 28,468ක් පමණ වනවා. මේ අතරින් රැඳවූවන් 50.3% ක් බන්ධනාගාර ගත වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධවයි. අද වන විට මේ තත්ත්වය විශාල ගැටලුවක් වී තිබෙනවා. මොකද අධිකරණයෙන් නියම වන දඬුවම් කාලය අවසන් වීමෙන් පසු මෙම රැඳවූවන් නැවත යන්නේ ඔවුන්ට සුපුරුදු පරිසරයටමයි. එම නිසා නැවත නැවතත් ඔවුන් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා බන්ධනාගාරගත වන ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා.

    ඒ නිසා නිපුණතා සහ පුනරුත්තාපනය ඒකාබද්ධ වූ වැඩසටහනකට ඔවුන් යොමු කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ රැඳවූවන් වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ බස්නාහිර සහ දකුණු පළාත්වලයි. ඔවුන්ගේ පුනරුත්තාපනය සහ සෞඛ්‍ය කටයුතු එකම ස්ථානයක සිදු කර ගත හැකිවන ආකාරයට ස්ථාන දෙකක් ස්ථාපිත කිරීම ‍කෙරෙහි මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ සාකච්ඡා සිදු කෙරෙනවා. එමඟින් එම කටයුතු සඳහා වන වියදම් අවම කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම බන්ධනාගාර රැඳවූවන්ගේ ආහාර සඳහා පමණක් රජය වාර්ෂිකව රුපියල් බිලියන 3.9ක් පමණ වැය කෙරෙනවා. එම වියදම් දරමින් ඔවුන්ව නඩත්තු කරන්නේ සමාජය විසින්. මේ වන විටත් රැඳවූවන් විසින් අක්කර 418ක පමණ වගා කටයුතු සිදු කරනවා. තව දුරටත් එම ප්‍රමාණය වැඩි කර ගැනීමට තවත් අක්කර 200ක් අප ඉල්ලා තිබෙනවා. එමගින් ආහාර සඳහා වැය වන අති විශාල මුදල් ප්‍රමාණය අඩු කර ගැනීමට අප උත්සාහ කරනවා.

    මේ අතර විවිධ පුද්ගලයින් ත්‍රස්ත පනත අනිසි ලෙස භාවිතා කරන බවට රජයට චෝදනා එල්ල කළත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට බන්ධනාගාරගතව සිටින්නේ රැඳවියන් 40 දෙනකු පමණයි. මෙම පනත යටතේ සිටි එල්. ටී. ටී. ඊ රැඳවූවන් 33 දෙනෙකුට මේ වන විටත් නිදහස ලබා දී තිබෙනවා.

    කෙසේ නමුත් අද වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති බරපතලම ගැටලුව වන්නේ බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි. පවතින බන්ධනාගාර තුළ රැඳවිය හැකි ධාරිතාවය 13,000ක් වුවත් 29,000කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා සිවිල් වැරදිකරුවන් සම්බන්ධ ඇප පනත සංශෝධනය කර නිවාස අඩස්සියට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී තිබෙනවා. ඒ අනුව අදාළ නීති කෙටුම්පත් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    ඊට අමතරව අධිකරණයේ පෙනී සිටිම අත්‍යවශ්‍ය නොවන ඕනෑම අවස්ථාවක ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සහභාගි වීම ද මේ වන විටත් සිදු වෙනවා.

    මේ අතර බන්ධනාගාරය තුළම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා ස්ථාපිත කර රැඳවූවන් ඒවායේ සේවයෙහි යෙදවීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා. ඒ සඳහා මේ වන විටත් ආයතන 04ක් එකඟතාවය පළ කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හා රැඳවූවන්ට ගැටළුවක් නොවී එම කර්මාන්තශාලා පවත්වා ගෙන යාමට හැකි නම් එමඟින් රැඳවූවන් සමාජයට වැඩදායී පුද්ගලයින් ලෙස මුදා හැරීමේ අවස්ථාව හිමි වෙනවා. එසේ සේවයේ යොදවන රැඳවියකුට රු 1400.00 ක මුදලක් වෙන් කිරීමටත් එයින් රු 400- 500ක පමණ මුදල් ඔවුන්ගේ පවුල් වෙත ලබා දීමටත් අපේක්ෂා කරනවා.

    “අමි දිවි රිද්ම” වැඩසටහන යටතේ මේ වන විට රැඳවූවන් 1120ක් පුනරුත්තාපනය කර තිබෙනවා. මෙමඟින් රැඳවූවන් දින 7- 14ත් අතර කාලයක් බලපත්‍ර මත නිවෙස් වෙත යැවීමට කටයුතු කරන අතර ඔවුන්ගේ යහපත් කල් ක්‍රියාව මත නිදහස ලබා දීමට හැකිද යන්න පිළිබඳව ද සළකා බලනවා. මෙමගින් ද බලාපොරොත්තු වන්නේ යහපත් පුද්ගලයින් ලෙස ඔවුන් නැවත සමාජ ගත කිරීමයි.

    මේ අතර බන්ධනාගාර තුළ විවිධ පාතාල ක්‍රියාකාරකම් සඳහා අවකාශ ඇති බවට ඇතැමුන් චෝදනා කළත් ඊට කිසිදු අවස්ථාවක් නොමැති බවත් අවධාරණය කළ යුතුයි. එවැනි කටයුතු සඳහා වන සියලු අවකාශ අප හැකි තරම් පාලනය කර තිබෙනවා. කෙසේ වුවත් විවිධ බලපෑම් මඟින් බන්ධනාගාර නිලධාරීන් මර්දනය කිරීමට උත්සාහ කරනවා නම් ඊට ද කිසිම ඉඩක් නැති බව කිව යුතුයි. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා පොලිස්පතිවරයාගේ සහාය ඇතිව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. එසේම බන්ධනාගාර නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකායත්, බන්ධනාගාර නිලධාරීන් නොවන නිලධාරීන් පිරිසකුත් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනවා.

    මේ වන විටත් බෝගම්බර බන්ධනාගාරය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන අවසන්. ඒ වගේම බොරැල්ල බන්ධනාගාරය පිහිටි භූමි‍යේ වාණිජ වටිනාකම රුපියල් බිලියන 32කට අධිකයි. මේ තත්ත්වය සැළකිල්ලට ගෙන මේ වන විට හොරණ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 200ක භූමියක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා ගෙන තිබෙනවා. එහි බන්ධනාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 18කට නොවැඩි ව්‍යාපෘති වාර්තා කැඳවන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

    ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නව බන්ධනාගාරය දැනට ඇති බන්ධනාගාරය මෙන් හතර ගුණයක් පමණ විශාලයි. මීට අමතරව එළිමහන් බන්ධනාගාර ක්‍රමය ප්‍රවර්ධනය කිරීමටත් සිවිල් වරදකරුවන් සඳහා ජියෝ ටැග් ක්‍රමය හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙනවා.

    මහා භාණ්ඩාගාරයට බරක් නොමැතිව බන්ධනාගාර පවත්වා ගෙන යාම පිළිබඳ ක්‍රමවත්, නීත්‍යනුකූල, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. එය ප්‍රභූ පැළැන්තියට මුදල් ගෙවා සිර මැදිරි ලබා ගැනීමට අවස්ථාව සැළසෙනවා යන කතාවට වඩා වෙනස් ක්‍රියාවලියක් බව කිව යුතුයි. කෙසේ වුවත් මහා භාණ්ඩාගාරයට බරක් නොමැතිව බන්ධනාගාර පවත්වා ගෙන යාම සඳහා වන වැඩ පිළිවෙළ ඉදිරියේදී හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version