කළුතර දිස්ත්‍රික්කයේ හෙට (11) එක්දින හෙද වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට මෙම වර්ජනයට හේතු සාධක වී ඇත්තේ බදුරලිය රෝහලේ සේවය කරන ලද හෙදියකට පදනම් විරහිත චෝදනා ගොනු කරමින් අසාධාරණ ලෙස පිඹුර රෝහල වෙත මාරු කිරීමේ සිද්ධියකි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළද පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබා දීමට කටයුතු කර නොමැති බව හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබේ .
කෙසේ වෙතත් මෙම වර්ජන කාලය තුළ හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා ස්වේච්ඡා පදනමින් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් , කේතුමතී රෝහල මෙම වර්ජනය සඳහා එක් කර නොගන්නා බවත් එහි ලේකම් අජිත් රත්නායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .