වාකරේ ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවියන් හතර දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
ඊයේ (10) උදෑසන වාකරේ කදිරවේලි සිට වාලච්චේන නගරයේ පාසලක ක්‍රීඩා උත්සවයකට සහභාගි වීමට මෙම දැරියන් හතර දෙනා බස් රථයකින් පැමිණ තිබේ.
එම ක්‍රීඩා උත්සවය අවසන් වීමෙන් අනතුරුව නැවතත් ඔවුන් නිවසට නොපැමිණීම හේතුවෙන් එම දෙමව්පියන් විසින් වාකරේ පොලිසියට පැමිණිලි කර ඇති බව සදහන්.
මේ සම්බන්ධව වාකරේ පොලිසිය කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශණ ආරම්භ කර ඇති බවට පොලිසිය පවසයි..