අවුරුදු දාහතරක් වයසැති බාල වයස්කාර තම දියණියව ලිංගික අපයෝජනය සදහා පුද්ගලයින්ට මුදලට විකුණු
එම දැරියගේ මව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එම දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දැරියගේ පියා මියගොස් ඇති බවත් සිව් දරු මවක් වන සැකකාරිය පුද්ගලයින්ව නිවසට ගෙන්වාගෙන
එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 2000 බැගින් මුදල් ලබාගෙන තම දියණියව නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා යොමු කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
දැරිය 10 වසරේ ඉගෙනුම ලබන බවත් මව සිදු කරනා එම අසම්මත ක්‍රියාවලිය ඉවසා දරාගත නොහැකිව ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට දැරිය සිද්ධිය පවසා ඇති බවට පොලීසිය ප්‍රකාශ කරයි.
මව විසින් දැරියව මාස කිහිපයක සිට පුද්ගලයින්ට මුදලට විකුණා ඇති බව දැරිය පොලිසියට කළ ප්‍රකාශයෙන් අනාවරණය වී තිබේ .
දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරියව මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර මව අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.