සිංහරාජ වනය ආශ්‍රිතව ශාක සහ සත්ත්ව කොටස් එකතු කර ළඟ තබා ගෙන සිටි ඉරාන ජාතිකයන් තිදෙනෙකුට උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂයක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.
එක් චූදිතයෙකුට රුපියල් ලක්ෂ 44 බැගින් දඩ නියම කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
ඉරාන ජාතිකයන් තිදෙනා සිංහරාජ වනාන්තරය තුළ ඇති ශාක හා විවිධ සත්ත්ව කොටස් එක්රැස් කරමින් සිටිය දී පසුගියදා නෙළුව ලංකාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සැකකරුවන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නෙළුව අඩවි වන නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව සඳහන්.













































