ගෑස් කාන්දු වීම් හේතුවෙන් සිදුවන අනතුරු පිළිබඳ “තත්ත්ව විශ්ලේෂණ විශේෂඥ වාර්තාව” පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය වෙත මෙම සතිය තුළ දී ලබාදීමට කටයුතු කරන බව මොරටුව විශ්වවිද්‍යාලය පවසයි.
අදාළ වාර්තාව සිව්දෙනෙකුගෙන් යුතු විශේෂඥ කමිටුවක් විසින් සකස් කරන බවයි රසායන සහ ක්‍රියාවලි අංශයේ ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පෙලගේ මහතා සඳහන් කළේ.
ඒ අනුව මෙම වාර්තාව තුළින් මේ වන විට සිදුව ඇති ගෑස් අනතුරු සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තාවක් සකස් කෙරෙන බව ද වාර්තා වේ.
දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් වාර්තා වූ ගෑස් පිපිරීම් සහ ගිනිගැනීම් සම්බන්ධයෙන් ලබාගත් ගෑස් සාම්පල් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත් අතර ඊට අදාළ රසායනාගාර වාර්තා 12ක් වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කිරීමට ද නියමිතව ඇත.















































