ලක්ෂ 50 ක ණය මුදලක් ලබා ගෙන එය නැවත ලබා නොදීම හේතුවෙන් පැහැරගත් ව්‍යාපාරිකයා බලංගොඩ ප්‍රදේශයේදී සොයාගත් බව නිට්ටඹුව පොලිසිය වාර්තා කරයි.
2018 වර්ෂයේදී ලක්ෂ 50 ක ණය මුදල ලබාගෙන ඇති අතර වසර කිහිපයක් තිස්සේ එම මුදල නොගෙවීම හේතුවෙන් මුදල් දුන් පුද්ගලයා විසින් මෙම ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් තිබුණි.
එලෙස පැහැරගෙන ගිය පුද්ගලයා මෙම ව්‍යාපාරිකයාගේ සොයුරියට ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ මුදල ලබා නොදුනහොත් සොහොයුරා මරා දමන බවටයි.
එම ඇමතුමට පසු පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයාගේ සොයුරිය නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල අනුව සිදු කළ විමර්ශණ වලට අනුව මෙම පුද්ගලයා බලංගොඩ ප්‍රදේශයේ දී සොයා ගත් බවට පොලීසිය පවසයි.
පැහැරගැනීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවට පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනු ලබයි.














































