සිය බිරිඳ නිවස තුළ සිරකර නිවසට ගිනිතැබූ පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත්බව වාර්තා වේ.
කළුතර , ගමගොඩ රජවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
දෙදෙනා අතර කලක පටන් පවුල් ආරවුල් පැවත ඇති බවත්, සැකකරු ඊයේ (13) සවස බීමතින් පැමිණ සිය බිරිඳ කාමරයක සිටියදී රබර් මෙට්ටය, කොට්ට සහ ඇදුම් නිවසේ දමා ගිනිතබා ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව සදහන්.
ගිනිතැබීමෙන් නිවසෙහි මුළුතැන්ගෙට හානි සිදුව ඇති නමුත් පැමිණිලිකාර කාන්තාව ඇයගේ ඇදුම් රැගෙන නිවසෙන් පිටතට පැමිණ ඇති බවද පොලිසිය සදහන් කරයි.